Tuesday, April 21, 2020

Varane Avashyamund (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ආයුබෝවේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ  කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි. 

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ උපසිරැසිය බාරදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාටත් උපසිරැසිගැන්වීමට එක් වුනු චානක ඉඳුනිල් මලයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


No comments:

Post a Comment

අදහසක් පළකරගෙන යන්න.

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි