Thursday, April 30, 2020

Dwitiyo Purush (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ශ්‍රී ලංකාවේ ඉන්දියානු සිනමා රසිකයන් ගැන සලකා බලනකොට, ඉස්සර සමහරු හින්දි ෆිල්ම් විතරක් බැලුවා. සමහරු දෙමළ ෆිල්ම් විතරක් බැලුවා. පස්සේ තෙලුගු වලට හුරු වුනා. මලයාලම් වලට හුරු වුනා. දැන් දැන් කන්නඩ වලට හුරු වීගෙන එනවා. ඒ වගේම තවත් පැසසුම් වලට ලක්වෙන සිනමාවක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. මේ බෙංගාලි සිනමාවෙත් අගනා සිනමා නිර්මාණ බිහි වෙනවා. ඉතින් එවන් වූ බෙංගාලි සිනමාවට අදාල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. Drama, Mystery, Thriller කියන කාණ්ඩ වලට අයිති වන සිනමා නිර්මාණයක් වන මෙය නිකුත් වුනේ 2020 ජනවාරි 23 වෙනිදා. Srijit Mukherji ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට  Parambrata Chatterjee, Raima Sen, Anirban Bhattacharya සහ Abir Chatterjee රංගණයෙන් දායක වෙනවා. 

කතාව ගැන බැලුවොත්, කතාව පටන්ගන්නේ 1993 සිද්ධ වුන සිදුවීමකින්. ඉන්දියාවේ කොල්කටා වලදි අමානුෂික මනුෂ්‍ය ඝාතන තුනක් සිද්ධ වෙනවා. හැබැයි ඒ තුන විශේෂ වෙන්නේ ඒ හැම කෙනෙක්වම මරලා තියෙන්නේ පිහියෙන් ඇනලා, නළලේ "කෝකා" කියලා නමක් පිහියෙන්ම කොටලා ගිහිල්ලා තිබීම නිසයි. කෝකා කියන්නේ අවුරුදු 16ක් විතර වෙන මැර කල්ලියක නායකයෙක් හැබැයි කොහොම හරි මේ කෝකාව දක්ෂ පොලිස් නිළධාරියෙක් වන ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් රෝයි චෞද්‍රි විසින් අල්ලගන්නවා. පණ නැති වෙන මට්ටමටම පහර දීලා හිරේ දානවා. අවුරුදු 25කට පස්සේ එයා එලියට එනවා. අර විදිහටම මිනී මැරුමක් සිද්ද වෙනවා. ඒ වෙනකොට ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් නැහැ. ඉතින් මේ වැඩේ බාර දෙන්නේ ඉන්ස්පෙක්ටර් අභිජිත් පක්‍රාශි හට සහ නවක නිළධාරියෙක් වන රාජත් හට. 

ඉතින් මේ දෙන්නා මේ අමානුෂික මිනිස් ඝාතනයන් පසු පස හඹා යන විදිහ නරඹන්න කියලා සිනමා ලෝලී ඔබ සැමට ආරාධනා කරනවා. විටෙක ඔබ යම් යම් දේවල් අනුමාන කරාවි. වරදීවි. තවත් දේවල් අනුමාන කරාවි. වරදීවි. පැය දෙකයි මිනිත්තු 08ක් ගෙවී යනවා නොදැනේවි. ත්‍රාසය, භීතිය, කුතුහලය නොඅඩුව පිරුණු සිනමා නිර්මාණයක්. එවන් සිනමා නිර්මාණ රසවිඳින්න කැමති ඔබ සැමට නරඹන්න කියලා ආරාධනා කරනවා. බැලුවට පාඩුවක් නෙවේවි. අවසාන වශයෙන් චිත්‍රපටය ගැන ඔත්තුව දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


No comments:

Post a Comment

අදහසක් පළකරගෙන යන්න.

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි