Thursday, October 29, 2020

Mirzapur [S02 : E02] Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති. 

ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන විදිහ වගේම බල තණ්හාව නිසා අන්තිමේදි වුනදේත් මතක ඇති. අන්තිමට වුනේ විවාහ මංගල උත්සවයේදි සිද්ද වුන වෙඩි තැබීමෙන් බබ්ලු වගේම ස්වීටිත් ජීවිතය හැරගියා. ගුඩ්ඩු බරපතල තුවාල ලැබුවත් ජීවිතේ බේරුණා. දෙවෙනි කතා සමය පටන්ගත්තේ ගුඩ්ඩු ඇතුලු පිරිස පැනලා යන සිදුවීමෙන්. පහුගිය කොටස පුරාම දැකගන්න ලැබුණේ ඒ සිදුවීම. ඉතින් පහුගිය කොටසේ අන්තිමට ගුඩ්ඩු ඇතුලු පිරිස පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න අවස්තාවක් ඇති වුනා. කොහොමින් හරි එතනිනුත් බේරිලා පැනගන්න එයාලට අවස්තාව ලැබුණා. 

අද කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. ඒ කුතුහලය තියාගෙනම කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටික අරන් ඒවි. ඉතින් මේ කතාමාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Thursday, August 27, 2020

Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitle | සිංහල උපසිරැසි

 

ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතුලු පිරිස ත්‍රස්ථවාදීන් තුන් දෙනාව හඹා ගිහින් ඝාතනය කරනු ලැබුවා. ඒ වගේම වාර්තාකාරිණියක් වන නම්රිතා වෙනස්ම දෙයක් සැලසුම් කරන බවකුත් පෙනී ගියා. ඊට පස්සේ ත්‍රස්ථවාදීන්ට සම්බන්ධ පිරිස් හොයාගෙන ගිහින් සුක්ධර් කියන ගමෙන් මෙට්‍රික්ස් ශීට්ස් වගයකුත් හොයාගත්තා. අන්තිමට කතාව ඉවර වුනේ අගමැතිතුමාත් මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන කියන ප්‍රකාශයෙන්. 


අදත් කියනවා පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න අකැමැති අය මේ ටික කියවන්නේ නැතුව සබ් එක අරන් කමෙන්ටුවකුත් දාගෙන යන්න.  අද කතාව පටන්ගන්නේ නොසිතූ සිදුවීමකින්. ඒ වගේම අද කතාවට අලුතින් සාමාජිකයන් කිහිප දෙනෙක් එකතු වෙනවා. පළවෙනියා තමයි ජාතික විමර්ශන ඒජන්සියේ අලී රාසා. විමර්ශන කටයුතු වේගවත් වෙන විදිහ වගේම අලුත් හෝඩුවාවල් හොයා ගන්න විදිහ අනුව ඔහුගේ දස්කම් දැක ගන්න ලැබේවි. අන්තිමේදි එක් වෙනවා ත්‍රස්ථවාදීන් හඹා යෑමේ අති දක්ෂයෙක්. ඒ ගැන කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. 


එහෙනම් ඉතුරු කොටස් ටිකට උපසිරැසි තවත් බයිස්කෝප් සහෘදයන් කිහිප දෙනෙක් විසින් රැගෙන ඒවි. මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න ආරාධනා කරපු තරිඳු රුක්ෂාන් අයියාටත් ස්තූති කරමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!



Avrodh the Siege Within [S01 : E03] Sinhala Subtitle | සිංහල උපසිරැසි

 


ආයුබෝවේවා!  පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්. මුල ඉඳන්ම කිසිම කම්මැළි කමක් නැතුව බලන්න පුලුවන් සීරිස් එකක් කියලා සහතික කරන්න පුලුවන්.


එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. පහුගිය කොටස නතර කරේ කුතුහලය අවුස්සලා තියලා නෙහ්. පහු ගිය කොටසෙදි මතක ඇති නේ ඌරී කඳවුරේ වල් කපන්න කියලා දෙන්නෙක් එක්කන් ඇවිත් කඳවුර ගැන තොරතුරු බලාගෙන ගිහින් ඌරී කඳවුරට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. පසුගිය කොටස අවසානයේ දැක ගන්න ලැබුණා කඳවුරේ හිටිය සෙබලුන්ට වෙඩි තියලා, කඳවුරට බොම්බ ගහලා පැනලා යන ත්‍රස්ථවාදීන්ගේ පස්සෙන් ගිය මේජර් සූද්ට වෙඩි වැදුණා. ඉතින් අද කතාව එතැන ඉඳන්.


අද කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න කැමති නැති අය මේ ටික නොකියවා සබ් එක අරන් ගියා නම් හොඳයි. :P ඌරී කඳවුරට ප්‍රහාරය එල්ල කරලා ත්‍රස්ථවාදීන් හතර දෙනා පලා යද්දි එක ත්‍රස්ථවාදියෙක්ට වෙඩි වැදුණා මතක ඇති. ඉතින් ඉතුරු තුන්දෙනාව ලුහු බඳින සිදුවීම අද කතාවෙන් දැකගන්න පුලුවන්. දිගින් දිගටම මාධ්‍ය වලින් රජයට බලපෑම් එල්ල වෙනවා. දේශපාලනය පැත්තෙන් පාලනය කරගෙන යන ගමන් මේ මෙහෙයුම සිදු කරන විදිහ බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. "වෙනදා කතාවල වගේ කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නේ නැති ඒවා මේවයේ නෑ :P) ඊලඟ කොටසින් හම්බවෙමු. ඔබට ජය!



Friday, May 29, 2020

Illegal - Justice, Out of Order (2020) - S01E04 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 වෙනිදා වුනේ මොකක්ද කියලත් අද දැනගන්න ලැබෙනවා. අද කොටසෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ නඩුව විමසීම සම්බන්ධයෙන්.


කතාව දැන් නම් ගොඩක් කුතුහලය අවුස්සන්න පටන් අරන් තියෙනවා. දැන් දැන් කතාව බොහොම ආකර්ශනීය විදිහට ගලාගෙන යනවා. ඉදිරියේදි තවත් නොසිතූ දේවල් සිද්ද වෙනවා. මෙහෙම තමයි වෙන්න ඇත්තේ කියලා ඔයාලා හිතාගෙන හිටිය දේවල් එහෙම පිටින්ම අනිත්පැත්ත ගැහෙනවා. එහෙනම් කුතුහලයේ ගිල්වාලන මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 
ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕන දසන් බුද්ධික සහෝදරයාට මේ කතා මාලාවට උපසිරැසි ලබා දීමට ආරාධනා කරාට. කොටස් 10කින් සමන්විත කතා මාලාවේ කොටස් දෙකකට උපසිරැසි ලබාදෙන්න අවස්තාව ලැබුණා. ඉතුරු කොටස් ටික අපේ සහෝදර උපසිරැසිකරුවන් විසින් රැගෙන ඒවි.

Illegal - Justice, Out of Order (2020) - S01E03 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත මුණගැසුනා. නිහාරිකාට එයත් එක්ක තිබිලා තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලත් ටිකක් දැනගත්තා. ඒ වගේම දෙවන විවාහයක් කරගෙන ඉන්න නිහාරිකාගේ තාත්තා දිල්ලි වල ඉන්න ප්‍රසි්ද්ධ පුද්ගලයෙක් බවත් නිහාරිකාගේ අලුත් රස්සාවේ පළමු රාජකාරිය විදිහට ලැබුණේ එයාගේ සුළු සහෝදරයා එහෙමත් නැත්නම් නීරජ්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න වුනත් ඒක ප්‍රතික්ෂේප කරලා ලොකු කලබැගෑනියක් ඇති වුන බවත් දන්නවා. ඒ වගේම මෙහෙර් සලාම් කියන කාන්තාව නිදහස් කර ගැනීම ගැනත් නිහාරිකා හොයා බලන බව දන්නවා. 


ඉතින් අද කතාව ගැන නොදැන බලන තරමට හොඳයි. නිහාරිකා නඩුව බාරගනියිද? අතීතේ මොන වගේ දේවල් වෙලා තියෙනවද? මේ පිරිස අතර ඇති සම්බන්ධතාවය වගේම තව තව රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එහෙනම් අද කතාවත් රස විඳින්න කියලා ආරාධනා කරනවා.


'සමහර වෙලාවට, මං හිතනවා, මේ අතීතයේ දේවල් දිගටම පවතින්නේ ඇයි?'
'හැම වෙලාවකම, හැම වතාවකම, අතීතය ඉස්සරහට එනවා.'
'අතීතය මකන්න පුලුවන් මකනයක් තිබ්බා නම්, අතීතය මකලා දාන්න.'
'ඒත්, අවාසනාවට, එහෙම එකක් නෑ.'
'වුන දේවල් නැතිවෙලා යන්නේ නෑ'
'ඒ වගේම වෙන්න තියෙන දේවල් වලටත් ඒක බලපානවා.'  

තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!


චිත්‍රපටය Baiscopedownloads වෙබ් අඩවියෙන් බාගන්න

Friday, May 22, 2020

Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් ජනප්‍රසාධය දිනාගත් Rashmika Mandanna වගේම Aakanksha Singh ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ 6.8ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 20ක් වියදම් කර ඇති අතර ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් ලබන්න සමත්කම් දැක්වා තිබෙනවා. ඒ වගේම විචාරකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හිමිව තිබෙනවා.


කතාව ගැන බැලුවොත් දාස් කියන්නේ රන් පදක්කම්ලාභී වෛද්‍යවරයෙක්. තමන්ගෙම කියලා ක්ලිනික් එකක්  දාගෙන ඉන්න මේ වෛද්‍යවරයා ගාවට වෙඩි වැදුනු කෙනෙක් එනවා බෙහෙත් දාගන්න. ඒ තමයි දේවා. දේවා කියන්නේ නමගිය අපරාධකාරයෙක්. නමගිය අපරාධයෙක් කිව්වට මෙයාව කවුරුත් හැබැහින් දැකලා නෑ. මේ හමුවීමත් එක්ක දේවා නිතරම ක්ලිනික් එකට එන්න ගන්නවා. ඉතින් මේ හමුවීමෙන් දාස්ගේ වගේම දේවාගෙත් ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ හමුවීම එහෙම වෙද්දී දාස්ට පූජා කියලා කෙල්ලෙක් දුම්රියපලේදි හමුවෙනවා. දේවාට ජානවී කියලා වාර්තාකාරිණියක්ව මුණගැහෙනවා. ඒ අතරේ පොලිසියේ ඇසත් දාස් දිහාවට යොමුවෙනවා. මේ හමුවීම් හැල හැප්පීම් එක්ක මේ දෙදෙනාගේ ජීවිත වලට මොනා වේවිද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා. 

තවත් උපසිරැසියකින් හමුවෙමු. 

ඔබට ජය!


Thursday, April 30, 2020

Bheeshma (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මිනිසාගේ සෞඛ්‍යය ගැන කතා කරනකොට වැඩිපුරම ක තා වෙන දෙයක් තමයි ආහාර කියන්නේ. ආහාර වලින් මිනිසාගේ සෞඛ්‍යයට දැඩ් බලපෑමක් එල්ල කරනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න නම් අනිවාර්යයෙන් කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද අපි කන බොන දේවල් වල තියෙන්නේ වස විශ නම් කොච්චර රසට තිබ්බත් වැඩක් නෑ. විශේෂයෙන් අපි කෑමට ගන්නා බොහෝ එළවලු වල රසායනික ද්‍රව්‍ය සෑහෙන ප්‍රතිශතයක් අඩංගු වෙනවා. සමහර විට ඒවා මිළදී ගන්න කෙනා නොදන්නවා වෙන්න පුලුවන්. නමුත් නොදැනුවත්ව හෝ විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුල් වෙනවා. මේවා එළවලු වලට එකතු වෙන්නේ කොහොමද? ඔව්. ගොවීන් විසින් යොදා ගන්නා රසායනික පොහොර, කෘමිනාශක ආදියෙන්. පැළ සිටවූ කාලයේ පටන් වෙළඳපලට යන කාලය දක්වාම කාලෙන් කාලෙට බෙහෙත් ගහනවා. මුලදි දිලීර නාශක, ඊට පස්සේ කොළ හැදෙන්න, පණුවන්⁣ට, කැඩුවට පස්සේ කල් තියාගන්න මේ විදිහට එකී නොකී සෑම විදිහකටම බෙහෙත් වර්ග යොදාගන්නවා. වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන්, ලාභ ⁣අපේක්ෂාවෙන් එහෙම කළත් ඒකෙන් වෙන හානිය සුලුපටු නෑ.


ඉතින් මේ කතාවෙන් දකින්න ලැබෙන්නෙත් මං ඉහත සඳහන් කරපු කාරණාවට සම්බන්ධ  දෙයක් ගැනමයි. Romantic Action Comedy කියන කාණ්ඩ යටතේ නිකුත් කෙරුණු මේ චිත්‍රපටය ප්‍රේක්ශකයාට විවෘත වුනේ 2020 පෙබරවාරි 21 වෙනිදායින් පසුවයි. තෙලුගු සිනමාවට හිතැති කාගෙත් ආදරයට පාත්‍ර වූ Nithiin සහ මෑත කාලයේ කාගෙත් ආකර්ශනය දිනාගත් Rashmika Mandanna ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වනවා. මේ වන විට IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙන්නේ විචාරකයන්ගේද නොමද ප්‍රසාදය හිමි කරගනිමින් වගේම ආදායම් අතිනුත් සාර්ථක වෙමින්. Venky Kudumula ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ Mahati Swara Sagar විසින්. 

කතාව ගැන බැලුවොත් භීෂ්මා කියන්නේ උපාධියවත් සම්පූර්ණ කරගන්න බැරි වුන සාමාන්‍ය පවුලක තරුණයෙක්. හැබැයි නොසිතූ විදිහට මෙයාට කාබනික නිෂ්පාදන වර්ග වෙළඳපලට නිකුත් කරන භීෂ්මා කියන සමාගමේ අධ්‍යක්ෂක වෙන්න අවස්තාව ලැබෙනවා (ඒක කොහොමද කියලා චිත්‍රපටයෙන්ම බලාගන්න) ඕනම දේකට බාධාවල් තියෙනවනේ. මෙයාට තියෙන බාධාව තමයි රසායනික නිෂ්පාදන යොදාගෙන වගා කරන ගොවියන්ට අත්වැල් දෙන සමාගමක්. දවසක් භීෂ්මා සමාගමට අස්වනු අලෙවි කරන ගමකින් ආරංචියක් නැති නිසා භීෂ්මා ඇතුලු කීප දෙනෙක්ව යවනවා. එතනදි දැනගන්න ලැබෙනවා ඒ අයව රවට්ටලා එයාලගේ අස්වනු මිලදී ගන්න අනෙක් සමාගම ගිවිසුම් අත්සන් කරනවා කියලා. එතනදි ඇතිවන ගැටුමත් එක්ක මේ සමාගම් දෙක අතර තරඟයක් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය කෙසේ විසඳාවිද, රෂ්මිකාට මේකේ තියෙන්නේ මොන වගේ චරිතයක්ද, ඒ හැම දෙයක්ම චිත්‍රපටය බලලම බලාගන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


චිත්‍රපටය Baiscopedownloads වෙබ් අඩවියෙන් බාගන්න

Dwitiyo Purush (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ශ්‍රී ලංකාවේ ඉන්දියානු සිනමා රසිකයන් ගැන සලකා බලනකොට, ඉස්සර සමහරු හින්දි ෆිල්ම් විතරක් බැලුවා. සමහරු දෙමළ ෆිල්ම් විතරක් බැලුවා. පස්සේ තෙලුගු වලට හුරු වුනා. මලයාලම් වලට හුරු වුනා. දැන් දැන් කන්නඩ වලට හුරු වීගෙන එනවා. ඒ වගේම තවත් පැසසුම් වලට ලක්වෙන සිනමාවක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. මේ බෙංගාලි සිනමාවෙත් අගනා සිනමා නිර්මාණ බිහි වෙනවා. ඉතින් එවන් වූ බෙංගාලි සිනමාවට අදාල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. Drama, Mystery, Thriller කියන කාණ්ඩ වලට අයිති වන සිනමා නිර්මාණයක් වන මෙය නිකුත් වුනේ 2020 ජනවාරි 23 වෙනිදා. Srijit Mukherji ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට  Parambrata Chatterjee, Raima Sen, Anirban Bhattacharya සහ Abir Chatterjee රංගණයෙන් දායක වෙනවා. 

කතාව ගැන බැලුවොත්, කතාව පටන්ගන්නේ 1993 සිද්ධ වුන සිදුවීමකින්. ඉන්දියාවේ කොල්කටා වලදි අමානුෂික මනුෂ්‍ය ඝාතන තුනක් සිද්ධ වෙනවා. හැබැයි ඒ තුන විශේෂ වෙන්නේ ඒ හැම කෙනෙක්වම මරලා තියෙන්නේ පිහියෙන් ඇනලා, නළලේ "කෝකා" කියලා නමක් පිහියෙන්ම කොටලා ගිහිල්ලා තිබීම නිසයි. කෝකා කියන්නේ අවුරුදු 16ක් විතර වෙන මැර කල්ලියක නායකයෙක් හැබැයි කොහොම හරි මේ කෝකාව දක්ෂ පොලිස් නිළධාරියෙක් වන ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් රෝයි චෞද්‍රි විසින් අල්ලගන්නවා. පණ නැති වෙන මට්ටමටම පහර දීලා හිරේ දානවා. අවුරුදු 25කට පස්සේ එයා එලියට එනවා. අර විදිහටම මිනී මැරුමක් සිද්ද වෙනවා. ඒ වෙනකොට ඉන්ස්පෙක්ටර් ප්‍රනාබ් නැහැ. ඉතින් මේ වැඩේ බාර දෙන්නේ ඉන්ස්පෙක්ටර් අභිජිත් පක්‍රාශි හට සහ නවක නිළධාරියෙක් වන රාජත් හට. 

ඉතින් මේ දෙන්නා මේ අමානුෂික මිනිස් ඝාතනයන් පසු පස හඹා යන විදිහ නරඹන්න කියලා සිනමා ලෝලී ඔබ සැමට ආරාධනා කරනවා. විටෙක ඔබ යම් යම් දේවල් අනුමාන කරාවි. වරදීවි. තවත් දේවල් අනුමාන කරාවි. වරදීවි. පැය දෙකයි මිනිත්තු 08ක් ගෙවී යනවා නොදැනේවි. ත්‍රාසය, භීතිය, කුතුහලය නොඅඩුව පිරුණු සිනමා නිර්මාණයක්. එවන් සිනමා නිර්මාණ රසවිඳින්න කැමති ඔබ සැමට නරඹන්න කියලා ආරාධනා කරනවා. බැලුවට පාඩුවක් නෙවේවි. අවසාන වශයෙන් චිත්‍රපටය ගැන ඔත්තුව දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Tuesday, April 21, 2020

Varane Avashyamund (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ආයුබෝවේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ  කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි. 

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ උපසිරැසිය බාරදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාටත් උපසිරැසිගැන්වීමට එක් වුනු චානක ඉඳුනිල් මලයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Sri Bharatha Baahubali (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න එහෙනම් අදත් උපසිරැසියක් අරගෙන ඇවිත් ඉන්නව. Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයකට තමයි අද සබ් එක අරගෙන ඇවිත් තියෙන්නෙ. තමන්ගෙ පහුගිය ආත්මය ගැන ඒ අකාරයෙන්ම පවසන අයව අපි උදාහරණ සමග දැක ඇත. ඉතින් ඒ වගේ අපිට එහෙම අපේ පසුගිය ආත්මය සිහියට නැගෙන එක වාසනාවක් හෝ අවාසනාවක්ද විය හැකිය. ඉතින් මේ කතාවත් පසුගිය කෙනෙකුගේ පසුගිය ආත්මය හා බැඳි කතාවක් විදිහට තමයි දිවෙන්නෙ(මුලදි). මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Manju Mandavya. ඒ වගේම චිත්‍රපටයේ චරිතයකටත් Manju Mandavya රඟපානව. මීට අමතරව Sarah Harish(හදුන්වා දෙයි), Rishi, Chikkanna වගේ ගොඩක් නළු නිලියො රඟපෑමෙන් හැඩවෙලා තමයි චිත්‍රපටය ඔබ වෙතට ගෙනෙන්නෙ. වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙන්නම්.

ශ්‍රී තමයි අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ, මෙයාට ටික කාලෙක ඉදන් හීන වගයක් පේන්න ගන්නව. ඉතින් ඒවට දක්ෂ ජ්‍යොතිෂය කෙනෙක් ගෙන්නල බැලුවම දැනගන්න ලැබෙනව ඒ එයාගෙ පසුගිය ආත්මය කියල.ඉතින් එයා පහුගිය ආත්මයේ එයා මැරුනෙ කොහොමද කියල හොයාගන්නත් එක්ක ඉන්දියාවට එනව. ඉතින් ඉන්දියාවෙදි තමයි එයාට බරතා සහ බාහුබලී දෙන්න මුනගැහෙන්නෙ. මේ දෙන්න නම් ඉතින් අංක එකේ කපටි, නිකරුනේ කාලය ගත කරන දෙන්නෙක්. මොකක් හෝ දේකට මෙයාල හිරේට නියම වෙලා. ඉතින් ශ්‍රීට එයාගෙ වැඩේ කරගන්න මෙයාල දෙන්නව එලියට ගන්න ඕන වෙලා. කතාව සේරම මෙතන වැමෑරුවොත් බලන්නෙ මොනවද? ඉතින් කතාව රසවිදින්න. හැමදාමත් බයිස්කෝප් එක්ක රැඳෙන්න. තවත් මෙවන් උපසිරැසියකින් මුනගැසීමේ අරමුණින් සමුගන්නවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!









World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Kranthi Madhav විසින්. රංගණයෙන් Vijay Deverakonda, Raashi Khanna, Aishwarya Rajesh, Catherine Tresa සහ Izabelle Leite දායක වී තිබෙනවා.

කතාව ගැන බැලුවොත් ගෞතම් කියන්නේ ලේඛකයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න තරුණයෙක්. මෙයාට හදිසියේම මුණගැහෙනවා යාමිනී කියලා ගැහැණු ළමයෙක්. කාර් එක නවත්තලා පාරක් ගැන අහන මේ ගැහැණු ළමයා තමන්ගේ ජීවන ගමනට පාර කියවි කියලා ගෞතම්ට ඒ මොහොතේ සිතෙන්නට නැතුව ඇති. නමුත් ආයෙත් කොලේජ් එකේදි මුණගැසෙන මේ ලස්සන ගෑණු ළමයා දිහා කොල්ලෝ වහ වැටිලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මුසු වුන හැඟීමත් එක්ක ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. රස්සාවත් අතෑරලා පොත් ලියන්න යන මේ තරුණයාගේ කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔහු පොතක ලියන්නේ එක කතාවක් නෙවෙයි කතා කිහිපයක්. ලේඛකයෙක් ලියන පොතකින් ජීවිතේ දකින්න. ඒ ලේඛකයාගේ ජීවිතය දකින්න. ආදරය, විරහව, රාගය මුසු වුනු මේ ලේඛකයාගේ ජීවිතය රැගත් මේ පොත කියවන්න. මෙයින් ඔබට ජීවිතය ගැන කියා දේවි. කැපකිරීම් ගැන කියා දේවි. පොතක පිටු අතර සැඟවුනු ලේඛකයාගේ හැඟීම් පෙන්වා දේවි.
එහෙනම් අදට සමු ගන්නවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!


Sunday, April 5, 2020

Ayyappanum Koshiyum 2020 Sinhala Subtitle | සිංහල උපසිරැසි

 

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

 

කතාව ගැන බැලුවොත්, මේ කතාව ගෙතෙන්නේ කෝෂ සහ අයියප්පන් නායර් කියන පොලිස් නිළධාරියා වටා. කෝෂි කියන්නේ හිටපු හමුදා නිළධාරියෙක්. එයාගේ ඩ්‍රයිවරුත් එක්ක දවසක් මත්පැන් භාවිතය තහනම් වනාන්තරයක් හරහා වෙනත් නගරයකට යන්න පිටත් වෙනවා. හොඳටම වෙරි වෙලා ඉන්න කෝෂි යන මේ වාහනය පොලිසියෙන් නවත්තනවා. බීමත්කම නිසා සහ එතනදි සිදුවන සිදු වීමක් නිසා කෝෂිව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.එතනදි තමයි උප පොලිස් පරික්ෂක නායර්ව මුණගැහෙන්නේ.

 

කෝෂි කියන්නේ බොහොම බලපුලුවන්කාරකම් තියෙන උදවිය අඳුරන චරිතයක්. ඒ නිසා මුලදි පොලිසියේදි එයාගේ අහංකාරකම තමයි පෙන්වන්නේ. හැබැයි පස්සේ කොච්චර අයැදීම් කරත් කෝෂිට දවස් 10ක් හිරේ ඉන්න වෙන විදිහට නායර් වැඩේ සිද්ද කරනවා. හැබැයි ඔය අතරේ පොලිසියේ සිදුවන දෙයක් කෝෂි ෆෝන් එකේ රෙකෝඩ් කරගන්නවා. හිරේ ගිහින් ආවට පස්සේ මේ රෙකෝඩ් කරගත්තු වීඩියෝ එක මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා කෞෂි නායර්ගෙන් පළිය ගන්නවා. එතනින් තමයි මේ දෙන්නගේ වියරුව පටන් ගන්නේ. තවත් වෙනස්ම පැත්තක් ගැනත් කතාවේ දකින්න ලැබෙනවා. ඒවා ඉතින් චිත්‍රපටය රසවිඳලම බලාගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

අවසාන වශයෙන් මේ උපසිරැසිය කරන්න මාත් එක්ක එකතු වුනු තාරක නුවන් දිල්හාර සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඒ වගේම ඇඩ්මින් මඬුල්ලේ හසන්ත අයියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරැසියකින් හමු වෙමු. 

ඔබට ජය!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න 

 චිත්‍රපටය Baiscopedownloads වෙබ් අඩවියෙන් බාගන්න

 

 

Friday, March 6, 2020

Sarileru Neekevvaru (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! තවත් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම. 2020 ජනවාරි 11 වෙනිදා Action Comedy කාණ්ඩයෙන් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anil Ravipudi විසින්. රංගණයෙන් සුපර් ස්ටාර් මහේෂ් බාබු සමගින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා දායක වී තිබෙනවා. සංගීතය දේවි ශ්‍රී ප්‍රසාද්ගෙන්.


අජේ ක්‍රිෂ්ණා (මහේෂ් බාබු) කියන්නේ හමුදාවේ මේජර් කෙනෙක්. අජේගේ රෙජිමන්ට් එකේ තවත් අජේ කියලා සොල්දාදුවෙක් ඉන්නවා. ඉතින් දවසක් මෙහෙයුමකදි ඒ සොල්දාදුවාට බරපතල තුවාල සිද්ද වෙනවා. මේ බව දැන් එයාගේ ගෙදරට කියන්නත් ඕන, හැබැයි එයාගේ නංගිගේ විවාහයත් අත ලඟටම ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් විවාහයට බාදාවක් නොවෙන විදිහට ගිහින් මේ බව දැනුම් දෙන්න කියලා මේජර් අජේටයි ඔහුගේ මිත්‍රයෙකුටයි පැවරෙනවා. ඒ යන අතරතුරේ කෝච්චියේදි තමයි සම්ස්කෘති (රෂ්මිකා මන්දනා) මුණගැහෙන්නේ. එතන වෙන සිද්දිය නම් කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. :P

ඉතින් මේ දෙන්නා අජේගේ ගෙදරට යනකොට එතන කවුරුත් නෑ. ගෙදර හැම දෙයක්ම අවුස්සලා විනාශ කරලා. මොකද වෙලා තියෙන්නේ කියලා හොයනකොට දැනගන්නවා එයාලව විනාශ කරන්න කෙනෙක් ආපු නිසා පැනලා ගිහිල්ලා කියලා. ඉතින් ඒ රහස හොයන්න තමයි අජේ ක්‍රිෂ්ණාට සිද්ද වෙන්නේ. කතාව ඇති නෙහ්. :P

දරුණුම සංක්‍රාන්ති සමයේ ගැටුම ඇති වුනේ මේ අවුරුද්දේ කිව්වොත් මං හරි ඇති කියලා හිතනවා. මොකද සුපිරි තරු දෙන්නෙක්ගේ චිත්‍රපට දවස් දෙකක් ඇතුලත රිලීස් කරපු නිසා. එක පැත්තකින් බ්ලොක්බස්ටර් නියඟයකින් පෙලුනු අල්ලු අර්ජුන්. අනෙක් පැත්තෙන් මොන චිත්‍රපටයක් දැම්මත් හිට් වෙන තරම් ඉන්දියාවේ උන්මාදයක් තියෙන මහේෂ් බාබු.


image.png

කලින් දවසේ රිලීස් වුනේ මහේෂ් බාබුගේ මේ චිත්‍රපටය. නිකුත් වුන දවසෙම  වාර්තා තියාගෙනයි නිකුත් වුනේ. මහේශ් බාබුගේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලද වැඩිම ආදායම එනම් ඉන්දියානු රුපියල් කෝටි 67ක් ලබාගත්තා. ඒ වගේම තෙලුගු චිත්‍රපටයක්(එක භාෂාවකින් නිකුත් කර) ලද දෙවැනි වැඩිම ආදායම. (පළවෙනි එක වුනේ අල්ලුගේ Ala Vikunthapurramloo ) ඒ වගේම මේ චිත්‍රපට දෙකේ තරඟකාරිත්වය නිසාම 2020 ජනවාරි 11 සිට 18 දක්වා වන සතිය හැඳින්වෙන්නේ තෙලුගු සිනමාවේ වැඩිම අාදායම් ඉපයූ සතිය ලෙසයි. ඔය වගේ තවත් ප්‍රාන්ත මට්ටමින් පවා වාර්තා රැසක් බිඳ හෙලන්නට සමත් වුන චිත්‍රපටයක්. කෝටි 103 ක වියදමකින් නිම කල චිත්‍රපටය කෝටි 238.2 ක් ලබාගන්නට සමත්කම් දැක්වුවා. IMDb දර්ශකයේත් 7ක අගයක් හිමිවුනා.  

image.png

හැබැයි තරඟයක් වුනාම  අවසානයේ ජයග්‍රාහකයෙක් ඉන්න එපැයි. ඉතින් මේ ගැටුමෙන් අන්තිමේදි ජයග්‍රහණය ලැබුවේ අල්ලු අර්ජුන්ගේ Ala Vaikuntapuramlo චිත්‍රපටය. ආහ් තව එකක්. රෂ්මිකාට නටන්න බෑ කියපු උන්ටත් ටිකක් විතර රිදෙයි ඈ... :P මෙදා පොටේ නැටුම් පන්ති ගිහිල්ලද කොහෙද. ටිකක් විතර හදාගෙන තියෙනවා. :P
එහෙනම් චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා. අවසාන වශයෙන් කොටසක් කරමු කියපු ගමන් බෑ නොකියා එකතු වුනු චානක ඉඳුනිල් මලයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමු ගන්නවා. 
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Wednesday, January 22, 2020

Ranarangam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ඔන්න ටික කාලෙකින් තමයි තෙලුගුවකට උපසිරැසි අරන් ආවේ. හිතුවට වඩා කල් ගිය නිසා වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගමු.

2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට  Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadarshan සහ Kajal Aggarwal රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 5.9 ක අගයක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, දේවා කියන්නේ ගමක කොලනියක ජීවත් වෙන තරුණයෙක්. කොලනියේ මිනිස්සුන්ටත් උදව් කරගෙන ඉන්න මෙයා ජීවත් වෙන්න කරන්නේ යාලුවොත් එක්ක එකතු වෙලා වැඩි ගානට චිත්‍රපටි වල ටිකට් විකුණන එක. මෙහෙම ජීවිතේ ගෙවෙනකොට ඒ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම බලධාරීන් විසින් තහනම් කරනවා. ඒක හොඳ ව්‍යාපාර අවස්තාවක් විදිහට දකින දේවා, වෙනත් ප්‍රාන්තෙකින් හොරට මත්පැන් ගෙනල්ලා විකුණන්න පටන් ගන්නවා. ඔය අතරේ බස් හෝල්ට් එකට එන හුරු බුහුටි කෙලි පොඩිත්තකටත් දේවාගේ හිත යනවා. ඒ කතාවත් එහෙම යද්දි බිස්නස් එකට ලොකු බාධකයක් එනවා. ඒ බාධකය දේවාගෙ ජීවිතේ උඩු යටිකුරු වෙන්න බලපානවා. ඉතින් ඒ බාධකය මොකක්ද? ඒකේ බලපෑම මොන වගේද? බස් හෝල්ට් එකේ දැක්ක ගෑණු ළමයගේ පල හිලව්වට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න ටික ඉතුරු කරමින් අදට සමු ගන්නවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


චිත්‍රපටය Baiscopedownloads වෙබ් අඩවියෙන් බාගන්න


අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි