
ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය කෝඩුකාර රංගණ ශිල්පීන් බොහෝ දෙනෙක්ගෙන් සමන්විතයි. තිර රචනය Vasanth Maringanti ගෙන්. සංගීතය Satyavolu Sirish සහ Varun Reddy ගෙන්. පවතින කොරෝනා වසංගතය හමුවේ 2021 මැයි 14 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදා හැරුණු මෙම චිත්‍රපටයට මේ වන විට IMDb දර්ශකයේ 8.2ක අගයක් ලැබී තිබෙනවා.
ගැමි පරිසරයක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය පුරාම දිවෙන්නේ කැමරාවක් නිසා ඇතිවුන සිදුවීම් පෙළක් ගැන. වීරා කියන්නේ දුෂ්කර ගමක ත්‍රීවිල් රියදුරෙක්. හැම වෙලාවෙම ගම ගැනමයි කතාව. ගම පහත් කරලා කතා කරනවාට කොහෙත්ම කැමති නෑ. කවදා හරි ගම දියුණු වෙයි කියන මතය හිතේ දරාගෙන ඉන්න මේ වීරාට දවසක් ත්‍රීවිල් එකේ දාලා ගිහින් තිබිලා කැමරාවක් හම්බවෙනවා. කැමරාවක් කිවුවට නිකන්ම නිකන් කැමරාවක් නෙවෙයි. ලක්ෂ ගානක් වටින, චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගන්නා මාදිලියක කැමරාවක්. ඉතින් මේ කැමරාව විකුණන්න හිතන් ඉන්න වීරාට ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක් හිතට වදිනවා. ඒ තමයි ඉස්සරට වඩා දැන් පොඩි පොඩි චිත්‍රපට, මහා පරිමාණ චිත්‍රපට වලට වඩා සාර්ථක වන බව ගැන කියවුන ප්‍රවෘත්තියක්. ඉතින් වීරාටත් හිතෙනවා මේ කැමරාව විකුණන්නේ නැතුව පොඩියට චිත්‍රපටියක් කරන්න. ඉතින් මේ අහිංසක ගැමි හිතේ ඇතිවුන ඒ සිතුවිල්ල මල්ඵලගන්වා ගන්න දරණ උත්සාහය ගැන තමයි මේ විනාඩි 98ක් පුරා දිවෙන චිත්‍රපටයෙන් කියවෙන්නේ. එහෙනම් වෙනස් චිත්‍රපට වලට කැමති හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
ඒ වගේම මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියලා ආරාධනා කරපු අශාන් විමුක්ති සහෝදරයාට වගේම මුහුණු පොතෙන් ඉල්ලීම් කරපු අයටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. ඒ වගේම චිත්‍රපට බලලා ගුණදොස් කියන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
No comments:
Post a Comment
අදහසක් පළකරගෙන යන්න.