Friday, May 29, 2020

Illegal - Justice, Out of Order (2020) - S01E04 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 වෙනිදා වුනේ මොකක්ද කියලත් අද දැනගන්න ලැබෙනවා. අද කොටසෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ නඩුව විමසීම සම්බන්ධයෙන්.


කතාව දැන් නම් ගොඩක් කුතුහලය අවුස්සන්න පටන් අරන් තියෙනවා. දැන් දැන් කතාව බොහොම ආකර්ශනීය විදිහට ගලාගෙන යනවා. ඉදිරියේදි තවත් නොසිතූ දේවල් සිද්ද වෙනවා. මෙහෙම තමයි වෙන්න ඇත්තේ කියලා ඔයාලා හිතාගෙන හිටිය දේවල් එහෙම පිටින්ම අනිත්පැත්ත ගැහෙනවා. එහෙනම් කුතුහලයේ ගිල්වාලන මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 
ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕන දසන් බුද්ධික සහෝදරයාට මේ කතා මාලාවට උපසිරැසි ලබා දීමට ආරාධනා කරාට. කොටස් 10කින් සමන්විත කතා මාලාවේ කොටස් දෙකකට උපසිරැසි ලබාදෙන්න අවස්තාව ලැබුණා. ඉතුරු කොටස් ටික අපේ සහෝදර උපසිරැසිකරුවන් විසින් රැගෙන ඒවි.

Illegal - Justice, Out of Order (2020) - S01E03 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත මුණගැසුනා. නිහාරිකාට එයත් එක්ක තිබිලා තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලත් ටිකක් දැනගත්තා. ඒ වගේම දෙවන විවාහයක් කරගෙන ඉන්න නිහාරිකාගේ තාත්තා දිල්ලි වල ඉන්න ප්‍රසි්ද්ධ පුද්ගලයෙක් බවත් නිහාරිකාගේ අලුත් රස්සාවේ පළමු රාජකාරිය විදිහට ලැබුණේ එයාගේ සුළු සහෝදරයා එහෙමත් නැත්නම් නීරජ්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න වුනත් ඒක ප්‍රතික්ෂේප කරලා ලොකු කලබැගෑනියක් ඇති වුන බවත් දන්නවා. ඒ වගේම මෙහෙර් සලාම් කියන කාන්තාව නිදහස් කර ගැනීම ගැනත් නිහාරිකා හොයා බලන බව දන්නවා. 


ඉතින් අද කතාව ගැන නොදැන බලන තරමට හොඳයි. නිහාරිකා නඩුව බාරගනියිද? අතීතේ මොන වගේ දේවල් වෙලා තියෙනවද? මේ පිරිස අතර ඇති සම්බන්ධතාවය වගේම තව තව රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එහෙනම් අද කතාවත් රස විඳින්න කියලා ආරාධනා කරනවා.


'සමහර වෙලාවට, මං හිතනවා, මේ අතීතයේ දේවල් දිගටම පවතින්නේ ඇයි?'
'හැම වෙලාවකම, හැම වතාවකම, අතීතය ඉස්සරහට එනවා.'
'අතීතය මකන්න පුලුවන් මකනයක් තිබ්බා නම්, අතීතය මකලා දාන්න.'
'ඒත්, අවාසනාවට, එහෙම එකක් නෑ.'
'වුන දේවල් නැතිවෙලා යන්නේ නෑ'
'ඒ වගේම වෙන්න තියෙන දේවල් වලටත් ඒක බලපානවා.'  

තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!


චිත්‍රපටය Baiscopedownloads වෙබ් අඩවියෙන් බාගන්න

Friday, May 22, 2020

Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් ජනප්‍රසාධය දිනාගත් Rashmika Mandanna වගේම Aakanksha Singh ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ 6.8ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 20ක් වියදම් කර ඇති අතර ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් ලබන්න සමත්කම් දැක්වා තිබෙනවා. ඒ වගේම විචාරකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හිමිව තිබෙනවා.


කතාව ගැන බැලුවොත් දාස් කියන්නේ රන් පදක්කම්ලාභී වෛද්‍යවරයෙක්. තමන්ගෙම කියලා ක්ලිනික් එකක්  දාගෙන ඉන්න මේ වෛද්‍යවරයා ගාවට වෙඩි වැදුනු කෙනෙක් එනවා බෙහෙත් දාගන්න. ඒ තමයි දේවා. දේවා කියන්නේ නමගිය අපරාධකාරයෙක්. නමගිය අපරාධයෙක් කිව්වට මෙයාව කවුරුත් හැබැහින් දැකලා නෑ. මේ හමුවීමත් එක්ක දේවා නිතරම ක්ලිනික් එකට එන්න ගන්නවා. ඉතින් මේ හමුවීමෙන් දාස්ගේ වගේම දේවාගෙත් ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ හමුවීම එහෙම වෙද්දී දාස්ට පූජා කියලා කෙල්ලෙක් දුම්රියපලේදි හමුවෙනවා. දේවාට ජානවී කියලා වාර්තාකාරිණියක්ව මුණගැහෙනවා. ඒ අතරේ පොලිසියේ ඇසත් දාස් දිහාවට යොමුවෙනවා. මේ හමුවීම් හැල හැප්පීම් එක්ක මේ දෙදෙනාගේ ජීවිත වලට මොනා වේවිද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා. 

තවත් උපසිරැසියකින් හමුවෙමු. 

ඔබට ජය!


අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි