මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද?
ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා.
ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ.
මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට ගන්නවා.
අරමුදල් නමින් එන්.ජී.ඕ. නමින් ඒ රටවල් වලට ඇවිත් නීති විරෝධීව පරික්ෂණ පවත්වනවා.
ඒ පරික්ෂණ නිසාවෙන් මිනිසුන් මිය යනවා.
සාමාන්‍ය මරණයක් වගේ පෙනුනත් ඒවා මිණී මැරුම් නේද?
ඒ මරණයන්ට වගකිව යුත්තේ කවුරුන්ද?
තවත් තෙලුගුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 මාර්තු 01 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ ගොඩක් අය කැමති Action/Thriller කියන කාණ්ඩයට. K. V. Guhanගේ පළමු තෙලුගු සිනමා අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගණයෙන් දායක වෙන්නේ Kalyan Ram, Shalini Pandey සමගින් Nivetha Thomas. පුවත්පත් කළාවේදියෙක් වටා ගෙතී යන මේ කතාවට IMDb දර්ශකයෙන් 6.9 ක අගයක් ලැබෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර ලබා ගනිමින් ආදායම් අතිනුත් සාර්ථක වන්නට හැකියාව ලබා ගත්තා.
කතාව පටන්ගන්නේ හීනෙකින්. ගෞතම් කියන පුවත්පත් කළාවේදියා නවාතැන්පලක 118 කියන කාමරේ නැවතිලා ඉන්නවා. ඒ නැවතිලා ඉන්නකොට එයාට එයාට හීනෙන් පේනවා කාන්තාවක් ලේ තවරාගෙන ඇදගෙන වැටෙනවා. ඒ වගේම තවත් විවිධ දේවල් පේනවා. ඉතින් තවත් දවසක් ඒ කාමරේම නැවතෙන ගෞතම්ට ඒ හීනෙම පේන්න ගන්නවා. මේකේ මොකක් හරි තියනවා කියලා හිතන ගෞතම් දවසක් වාහනේ යද්දි හීනෙන් පෙනුනු විදිහේම තැනක් දකිනවා. ඉතින් ඒ පෙනුනු දේවල් එක්ක සසඳලා බලද්දි ඇත්ත ලෝකෙදිත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේ ගැන හොයන්න පටන් ගන්න ගෞතම්ට අභිරහස් රැසක් හෙළි වෙනවා. ඉතින් ඒ අභිරහස් වටා ගෙතුනු මේ බයිස්කෝප් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න පුලුවන්.
කිසිම ආකාරයක ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉතින් ඒ වෙනුවෙන් අඩුපාඩු අවම කරගන්න උදව් කරපු චානක ඉඳුනිල් මලයටත් බොහොම තුති කියමින් අදට සමු ගන්නවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!
No comments:
Post a Comment
අදහසක් පළකරගෙන යන්න.