Thursday, April 5, 2018

Jawaan (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ මේ බ්ලොග් එකේම කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටයකට. Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවක්. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ Mehreen Pirzada (භාර්ගවී ලෙස). Winner (2017) සහ Raja The Great (2017) බලපු අය දන්නවා ඇති මේ දෙන්නා ගැන. වැඩිය ජනප්‍රිය නැති වුනත්(සුපිරි තරු වලට සාපේක්ෂව) මේ චිත්‍රපටයට හිට් ලේබල් එක අලව ගන්න මේ අයට හැකියාව ලැබුණා. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමු.
ජෙයිට තිබ්බ හීනයක් තමයි DRDO (ආරක්ෂාව පිළිබඳ පර්යේශණ හා සංවර්ධනය කරන රාජ්‍ය සංවිධානය) එකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුනත් ඒ තනතුරට වෙන කෙනෙක්ව තෝරගත්ත නිසා තව කාලයක් බලා ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ඔය අතරේ DRDO එකෙන් හදලා රජයේ හමුදාවට බාරදෙන්න යන මිසයිල ව්‍යාපෘතියකට කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ තමයි කේෂව්. කේෂව්ට මේ මිසයිල හොරකම් කරන්න සැලසුම් කරද්දි, DRDO එක ඇතුලට එයාගේ කෙනෙක්ව දාගන්න උවමනා වෙනවා. ඒකට විශේෂ මුද්‍රාව සහිත අවසර පතක් හදාගන්න ඕන වෙනවා. ඒ ගැන හොයලා බලද්දි ඒ මුද්‍රාව හදපු කෙනා ගැන දැනගන්න ලැබෙනවා. එයා තමයි Srinivasa Rao එහෙමත් නැත්නම් ජෙයිගේ මාමා. ඉතින් කේෂව්ගේ කට්ටිය එයාව හොයාගෙන වැඩපලට එනවා. ඇවිල්ලා තර්ජනය කරන වෙලාවෙදි ජෙයි එතනට එනවා.
කතාව ගැන කිව්වා ඇති නෙහ් 😛 . ඉතින් ඒ මුද්‍රාව ගන්න ඒ අයට හැකියාව ලැබෙයිද? මිසයිල ව්‍යාපෘතිය හොරකම් කරගන්න පුලුවන් වෙයිද? භාර්ගවී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒවා ඉතින් බලලම තමයි හොයාගන්න වෙන්නේ.

16 comments:

  1. Replies
    1. Me movie eka download karanna be bro.puluwan vidiyak kiyanna

      Delete
    2. සොරි බං දැන් දැක්කේ. baiscopedownloads එකෙන් ගන්න. ජය!

      Delete
  2. Download karanna bene bn... register wenna kiyanawane.. ekata mokak hari piliyemak karapanko

    ReplyDelete
    Replies
    1. බයිස්කෝප් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න වෙනවා සහෝ. එකම පිළියමයි තියෙන්නේ. Members Area --> Register ගියා. යූසර් නේම් එකකුයි ඊමේල් එකයි දුන්නා, රෙජිස්ටර් කරා. මේල් එකට එන ලින්ක් එකෙන් පාස්වර්ඩ් එකක් දුන්නා. එච්චරයි. ඊට පස්සේ නම/ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොග් වුනා. ජය!

      Delete
    2. Podi udauuwak karahanko mcn

      Delete
  3. Replies
    1. ඔය ලින්ක් එකෙන් ගන්න. බයිස්කෝප් එකට යන්නේ. රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, යූසර් නේම් පාස්වර්ඩ් දාලා ගන්න. නැත්නම් නමයි ඊමේල් එකයි දීලා රෙජිස්ටර් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න. ජය!

      Delete
  4. Download denneth na..redistr unth denneth na mona magulkd meka

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයාට වැරදිලා. රෙජිස්ටර් වුනා නම් අනිවාර්යයෙන් ගන්න පුලුවන්.
      තව සැරයක් උත්සහ කරලා බලන්න. ජය!

      Delete
  5. Mata account aka hadala denna puluwanda

    ReplyDelete
  6. Adoo meke subtitle waradiyata yanne time ehema wenas godk aul ai hadanna

    ReplyDelete
    Replies
    1. සබ් දීලා තියෙන්නේ HD Rip එකට. ඔයා ගන්න ඇත්තේ වෙන රිප් එකක්. ආපහු සින්ක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. පුලුවන් නම් එච්.ඩී රිප් එක ගන්න. ජය!

      Delete

අදහසක් පළකරගෙන යන්න.

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි