Sunday, January 28, 2018

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


MCA කිව්වේ, සුදුසුකමක්ද? නෑ, හැසිරෙන විදිහ..
ඔයාගේ ෂර්ට් එකේ බොත්තමක් කැඩුනම කටුවකින් ඒක ශේප් කරගෙන තියෙනවද?
සාමාන්‍ය කලිසමක් බ්ලේඩ් එකකින් කපලා අයිටම් කලිසමක් කරගෙන තියෙනවද?
එහෙම කරන්නේ MCA අය විතරයි.
තියෙන එකම කලිසම ඇඳ ඇඳ ටී ෂර්ට් එක විතරක් මාරු කරනවා..
කැමතිම නලුවගේ චිත්‍රපටයක් හිට් වුනෝත් අපිත් මාරුවෙනවා එයාගේ හෙයා කට් එකට..
හීනෙනුත් කාජල්ගේ තුරුළට වෙලා යුග ගී ගයනවා..
මොකක්හරි බාගයක්ම මිළ අඩුවට දුන්නත් තව බාගයක් අඩුකරන්න කියනවා..
සීට්ටු දාලත් හරි ගියේ නැතුවම, දිණුමක් ඇදෙයි කියලා ලොතරැයි ගන්නවා…
එහෙම තමයි MCA උදවිය. 
අපි MCA (මධ්‍යම පාන්තික කොල්ලෝ…)
ඔන්න ටික දවසකට පස්සේ තවත් සුපර් හිට් වුන චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. ඉංග්‍රීසි උපසිරැසිය ආපු දවස් වලම අසයිමන්ට් එකක් සෙට් වුන නිසා පොඩ්ඩක් පරක්කු වුනා උපසිරැසිය කරන්න. එනකල් මග බල බල හිටිය ෆිලුමක් නිසා කොහොම හරි කරලා උපසිරැසිය අරගෙන ආවා.
ප්‍රධාන චරිත දෙක ගැන කියන්න ඕන වෙන්නේ නෑ නේ. නානි සහ සායි පල්ලවී. සායි පල්ලවී ගැන දන්නේ නැති අය ඉන්නවනම් FidaaPremam යන චිත්‍රපටි බලන්න කියලත් ආරාධනා කරනවා. වශී වෙනවා සත්තයි. මේ සලරුවේ විශේෂත්වය තමයි මේ දෙන්නගේ ඇත්ත නම් දෙකම තමයි ප්‍රධාන චරිත දෙක සඳහා යොදාගෙන තියෙන්නේ. 2017 දෙසැම්බර් 21 නිකුත් වුනු මේ චිත්‍රපටය Venu Sri Ram ගේ අධ්‍යක්ෂණයක් සහ Dil Raju නිෂ්පාදනයක්. සංගීතය Devi Sri Prasad විසින්. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමුකෝ.
නානි පොඩි කාලේදිම එයාගේ දෙමව්පියෝ ‍එයාව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. එදා ඉඳන් මෙයාව බලාගන්නේ එයාගේ අයියා. අයියත් එක්ක ජොලියේ කාලය ගතකරගෙන හිටියත් අයියගේ විවාහයෙන් පස්සේ ඒ සතුට ටික ටික නානිට අහිමි වෙනවා. ඒ මෙයාගේ නෑනා(ජෝති) ආවට පස්සේ, නානිට වඩා අයියා ජෝතිට තැනක් දෙනවා ව‍ගේ කියලා දැණුනු නිසා. මේ සිදුවීම් දාමයත් එක්ක නානි ගෙදරින් පිටවෙලා මාමලාගේ ගෙදර යනවා.
ටික කාලෙකින් අාපහු ගෙදර ආවම අයියා, නානිගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ප්‍රවාහන අධිකාරියේ වැඩ කරන එයාගේ බිරිඳට වරංගල් කියන ප්‍රදේශයට මාරු වීමක් ලැබුණ නිසා නෑනත් එක්ක එහෙට යන්න කියලා. වරංගල් කියන්නේ ශිවා කියන බස් ඒකාධිකාරයක් තියාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක්. මේ පළාතට පැමිණීමත් එක්ක තමයි නානිගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වෙන්නේ. ඔය කතාවේ මුල් හරිය. කෝ දෙයියනේ පල්ලවී? 😛 හරි හරි. එයත් මෙහෙදි තමයි මුණගැහෙන්නේ. ඒ සිදුවීම නම් වෙනස්ම ආකාරයේ සිදුවීමක්. ඒක ඉතින් ෆිල්ම් එක අරගෙනම බලන්න.
වැදගත්මදේ කිව්වේ නෑ නේ.නානිට විශේෂ හැකියාවක් තියෙනවා. එයාට මොකක් හරි දෙයක් එක සැරයක් ඇහුනොත් හරි දැක්කොත් හරි ඒක හොඳටම මතකහිටිනවා. ඒ හැකියාවත් ගොඩක් දුරට උදව් වෙනවා ඉදිරියේදි මුහුණ දෙන්න සිදුවෙන ගැටළු වලදි. මුල් පැය බාගේ බෝරිං වගේ කියලා හිතුනොත් බලන්නේ නැතුව ඉන්න එපා. එතනින් එහාට කතාව බොහොම ආකර්ෂණීය විදිහට ආදරය, ක්‍රියාදාම. විහිළු තහලු එක්ක ගලාගෙන යනවා.
එහෙනම් තවත් උපිසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය!


අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි