Thursday, October 29, 2020

Mirzapur [S02 : E02] Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති. 

ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන විදිහ වගේම බල තණ්හාව නිසා අන්තිමේදි වුනදේත් මතක ඇති. අන්තිමට වුනේ විවාහ මංගල උත්සවයේදි සිද්ද වුන වෙඩි තැබීමෙන් බබ්ලු වගේම ස්වීටිත් ජීවිතය හැරගියා. ගුඩ්ඩු බරපතල තුවාල ලැබුවත් ජීවිතේ බේරුණා. දෙවෙනි කතා සමය පටන්ගත්තේ ගුඩ්ඩු ඇතුලු පිරිස පැනලා යන සිදුවීමෙන්. පහුගිය කොටස පුරාම දැකගන්න ලැබුණේ ඒ සිදුවීම. ඉතින් පහුගිය කොටසේ අන්තිමට ගුඩ්ඩු ඇතුලු පිරිස පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න අවස්තාවක් ඇති වුනා. කොහොමින් හරි එතනිනුත් බේරිලා පැනගන්න එයාලට අවස්තාව ලැබුණා. 

අද කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. ඒ කුතුහලය තියාගෙනම කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටික අරන් ඒවි. ඉතින් මේ කතාමාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

No comments:

Post a Comment

අදහසක් පළකරගෙන යන්න.

අලුත්ම ලිපි

Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි

  ආයුබෝ‍වේවා! ඔන්න අවුරුද්දකට විතර පස්සේ ආපහු උපසිරැසියක් කරන්න හිතුනා. දේවරකොන්ඩාගේ ෆිලුමක් නිසා අතහරින්න බැරි නිසා තමයි මේක කරන්න ගත්තේ. ම...

වැඩිම දෙනෙක් බලපු ලිපි